අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයා වන නදින් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිට අද (28) මෙරටට පැමිණි අවස්ථාවේදී  ඔහුව ගුවන්තොටුපළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

නදීන් බාෂික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ගමන් කළ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ දී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් අනතුරට ලක් කරමින් පසුගිය පෙබරවාරි මස 16 වනදා පළා ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here