මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.

එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී කටයුතු කිරීම හේතුවෙන් තමාට හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයක් හට ගෙන ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here