ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා ට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පින්වත්ත බස් නැවතුමේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරුවී කඩවත දක්වා ගමන්කර එහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදීමට නියමිත බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක තිලකරත්න , සැරයන් ලාල් (18397), කොස්තාපල් වරුන්වන නාලක (76003), අමරජිව (80100), පුෂ්පකුමාර (82409) සහ පොකොරි කසුන් (80452) වැටලීමට එක්වූහ.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here