තමා රටට පොරොන්දු වන්නේ ලබාදිය හැකි දේ පමණක් බවත්, කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නොමැති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 තුළද රට වෙනුවෙන් තම උපරිමය ඉටු කර තරුණ පරපුර වෙනුවෙන් ණය බරින් නිදහස් සංවර්ධිත, දියුණු රටක් උරුම කර දෙන බව අවධාරණය කළේය.

ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය මෙන්ම උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සෑම පුරවැසියෙකුටම ඉඩමක සහ නිවසක අයිතිය හිමිකර දීමේ වැඩපිළිවෙළ ද ඊට ඇතුළත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය වන “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදක්වමිනි. ඒ වෙනුවෙන් වූ උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here