මුලතිව් පුදුකුඩි ඉරිප්පු නම් ප්‍රදේශයේ නිවසක වහලය ගලවා ඇතුළු වූ හොරු කණ්ඩායමක් එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා මුදල් ස්වර්ණාභරණ සහ දේපල ඊයේ (29) කොල්ලකා තිබෙන බව වාර්තා වෙනවා.
එම අවස්ථවේ නිවසේ කිසිවෙක් නොසිටි බවට වාර්තා වනවා.
අසල්වැසි නිවසක අයෙකු වහලය මත සිටි අයෙකුගෙන් විස්තර විමසද්දී ඔහු පවසා ඇත්තේ, වහලය අලුත්වැඩියා කිරීමේ කටයුතක් පිණිස ඔවුන් ලෙස පැමිණි බවයි.
එක් අයෙකු වහලය මත සිටියදී තවත් දෙදෙනෙකු බිම සිට ඔහුට උපදෙස් දී තිබෙනවා.
නිවසේ පිරිස ආපසු නිවසට පැමිණ බලන විට නිවසේ තිබූ සියලු දේ කොල්ල කා ඇති බව දැක තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩි ඉරිප්පු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.