ජනාධිපතිවරයා සිය ධූරයේ තවදුරටත් රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් මේ හේතුවෙන් 2022 වසරේ මැයි 09 වන දින මෙන්  තවත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් හට ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ප්‍රවෘත්ති  සාකච්ඡාවක් අමතමින් විමල් වීරවංශ මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකතු කිරීමට  ඇමරිකානු තානාපතිනිය ඇතුළු පාර්ශවයන් උත්සාහ දරන බවයි.

නමුත් යම්කිසි හේතුවකට සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා එකඟ වී නොමැති බවත්,  පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය සමඟි ජන බලවේගයෙන් ඉවත්වීම මෙන් තවත්  කිහිප දෙනෙකු එලෙස ඉවත් වීමට නියමිත බවත් විමල් වීරවංශ මහතා පවසා තිබෙනවා.

ඔහු අවධාරණය කර ඇත්තේ මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා දුර්වල තත්වයකට පත්වෙන අතර එමඟින් තෙවන පාර්ශවයක් වඩාත් බලවත් ඉඩ සැලසෙන බවයි.

එම තුන්වන පාර්ශ්වය මැතිවරණයට පෙර ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කුමන්ත්‍රණය කරන බවත්, එමඟින් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන යටතේ ධුරයේ රැඳී සිටීමට උපකාර විය හැකි බවත් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here