විප­ක්ෂයේ අපේ­ක්ෂ­ක­යන් ලබා­දෙන පොරොන්දු ක්‍රියා­ත්මක වුව­හොත් ඒ මො‍හොතේ­දීම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හන මෙර­ටට අහිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා අව­ධා­ර­ණය කරයි.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන කාර්යා­ලයේ දී පැවති මාධ්‍ය හමු­වේ­දීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා මෙසේද පැව­සීය. ඒ සමඟ මෙරට විදෙස් ණය හිමි­යන් සහ පෞද්ග­ලික බැඳු­ම්කර හිමි­යන් සමඟ ඇති­කර ගෙන තිබෙන එක­ඟතා ද අහි­මිව රට බර­ප­තළ අර්බු­ද­ය­කට ගමන් කිරීමේ අව­දා­න­මක් තිබෙ­නවා.

උප­යන විට ගෙවන බද්ද සංශෝ­ධ­නය කර­මින් ජන­තා­වට සහන සැල­සීම පිළි­බ­ඳව මේ වන විට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ සාකච්ඡා කර­මින් සිටි­නවා. ඊට අදාළ අව­සන් එක­ඟතා ඇති කර ගැනී­මෙන් අන­තු­රුව 2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කිරීම් ක්‍රියා­ත්මක කිරී­මට හැකි වෙනවා.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය වන “පස් වස­රක මෙහෙ­යුම – පුළු­වන් ශ්‍රී ලංකා” අද එළි­ද­ක්වනු ලැබුවා. ආර්ථික අර්බු­දය හමුවේ අගා­ධ­යට වැටී තිබූ රට ජීවත් වීමට හැකි රටක් බවට පරි­ව­ර්ත­නය කළේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි. වෙන කිසි­වකු එම අභි­යෝ­ගය භාර ගන්න උන­න්දු­වක් දැක්වූයේ නැහැ. ඒ වගේම එම අභි­යෝ­ගය භාර ගන්න ඔවුන්ට හැකි­යා­වක් තිබුණේ ද නැහැ. “පස් වස­රක මෙහෙ­යුම – පුළු­වන් ශ්‍රී ලංකා” ප්‍රති­පත්ති ප්‍රකා­ශය පද­නම් වන්නේ අපි ගොඩ­න­ඟා­ගත් ආර්ථික ස්ථාව­ර­ත්වය ඉදි­රි­යට ගෙන යාම සඳ­හායි. මෙම වැඩ­ස­ට­හන තව­දු­ර‍ටත් ඉදි­රි­යට ගෙන යමින් ලැබෙන ප්‍රති­ලාභ තව­දු­ර­ටත් වැඩි කර ගන්නවා ද නැද්ද යන්න සැප්තැ­ම්බර් 21 වැනිදා ජන­තාව තීන්දු කළ යුතුයි.

මේ අව­ස්ථාවේ දී මෙරට වැද­ගත්ම කාර­ණය වන්නේ ආර්ථි­ක­යයි. බොහෝ පාර්ශ්ව ආර්ථි­කය සම්බ­න්ධව විවිධ යෝජනා ඉදි­රි­පත් කළත් එම යෝජනා ක්‍රියා­ත්මක කිරී­මට ඇති හැකි­යාව පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් නොමැති බව පෙනී යනවා. කඩා­වැ­ටුණු මෙරට ආර්ථි­කය වසර දෙකක් තුළ ගොඩ­නැ­ඟී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු අප බොහෝ දෙනෙක් කැප­වී­මෙන් කට­යුතු කළා. ඒ අව­ස්ථාවේ අපගේ වැඩ­පි­ළි­වෙළ කඩා­ක­ප්පල් කිරී­මට සහ අපි අසා­ර්ථක වනු ඇතැයි සිතා හිනා වූ අය අද ජන­තාව ඉදි­රි­යට පැමිණි පොරොන්දු දෙන ආකා­රය සාදා­චා­රා­ත්මක ද කියා ඇසිය යුතුයි.

මේ වන විට අප ලබා­ගත් ආර්ථික ස්ථාව­ර­ත්වයේ ප්‍රති­ලාභ ජන­තා­වට ක්‍රම­වත්ව ලබා­දෙ­මින් තිබෙ­නවා. ජනා­ධි­ප­ති­තුමා නිර­න්ත­ර­යෙන් පැවසූ කරු­ණක් වූයේ රට ආර්ථි­ක­මය වශ­යෙන් ශක්ති­මත් වන විට ඉන් එක් කොට­සක් රටේ ආර්ථි­කය ශක්ති­මත් කර­වී­මට යෙද­විය යුතු බවත් අනෙක් කොටස ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන හමුවේ ඇතිවූ බල­පෑම අවම කිරී­මට ජන­තාව වෙත ලබා දිය යුතු බවයි. ඒ අනුව ජනා­ධි­ප­ති­තුමා, රාජ්‍ය සේවක වැටුප් වැඩි කර විෂ­මතා ඉවත් කිරීම සඳහා කමි­ටු­වක් පත් කළා. එම කමිටු වාර්තාව මත රාජ්‍ය සේවයේ අවම වැටුප රුපි­යල් 55000ක් වන ආකා­ර­යට ඉහළ දැමීම සිදු වෙනවා. එය ලබන වසරේ සිට ලබා­දී­මට හැකි වෙනවා” යැයි පැව­සීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here