ඊයේ(31) පස්වරුවේ බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසකදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදරු මවක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය සඳහන් කරනවා.
ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත්, වෙඩි පහර තුනක් පමණ එල්ලවී ඇති බවත් පොලිසිය පැවසීය.
33 හැවිරිදි දෙදරු මවක වන තුවාලකාරිය ගැබිනියක බවද රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.
ඇගේ වම් අතට වෙඩි පහර වැදී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
සැකකරු පැමිණි මෝටර් රථය තුළ තිබි අත්බෝම්බයක් ද, කෙටේරියක් සොයා ගත් බවත්, සැකකරු මෝටර්රථය රථය සහ වෙඩි තැබිමට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය සමඟ පොලිසිය බාරයට ගත් බවද පොලිසිය පවසයි.