සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ .

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here