මහරගම ජාතික තරුණ සේවා සභාවේ ඊයේ (30) පැවති තරුණ සමුළුව නම් රැස්වීමේ දී මැතිවරණ නීති උල්ලංඝනය කර තිබූ බව වාර්තා වෙනවා.

ජනාධිපති අපේක්ෂක එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුළුව විසින් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවයි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

‘ජාතික තරුණ සමුළුව’ ලෙස නම් කරමින් පවත්වා ඇති මෙම රැස්වීම සඳහා රටපුරා යෞවන සමාජවල තරුණ තරුණියන් කැඳවා සිටි බවයි කියන්නේ. ඒ සමඟ ජාතික තරුණ සේවා සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ද කැඳවා සිටි බව පැවසෙනවා.

පැමිණි පිරිස වෙත ලබාදීමට සුදානම් කර තිබූ දිවා ආහාරය නිකුත් කිරීමද මැතිවරණ නිලධාරීන් විසින් අත්හිටුවා තිබුණා.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ සම්මේලනයක සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවයි කියන්නේ.

මෙම රැස්වීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම සහභාගී කරවමින් රංගනයක් ද ඉදිරිපත්කර ඇති බව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එජාප නායක ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහභාගී වූ මෙම රැස්වීම විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ඊට එරෙහිව මහරගම පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි කියන්නේ.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කතාවක් පවා සිදුකළ මෙම රැස්වීමට ජාතික තරුණ සේවා සභාවේ රට පුරා ඇති පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලබන අභාසලාභීන්ද කැඳවා ගැනීමට සැලසුම් කර තිබුණු බව ඇතැම් තැන් වලින් වාර්තා වෙනවා.

අභ්‍යාසලාභීන් රැගෙන ඒමට බස්රථ, ආහාර, පානීය ජල බෝතල් පවා සුදානම් කර තිබුණත් ඒ පිළිබඳව තොරතුරු මැතිවරණ කාර්යාලය වෙත අනාවරණය කිරීමත් සමඟ නතර කර ඇති බවයි කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here