ඩුබායි වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ ටී – 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඇය කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියක්.

මෙම ගුවන් සෙබළිය (31) දින පස්වරු 05.45 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇයගේ ගමන් මලු පරීක්ෂා කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ජීව උණ්ඩය සොයා ගෙන තිබූ අතර පසුව ඇය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදුන් බවයි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.

එහිදී ඇය ප්‍රකාශයක් ලබා දෙමින් මෙම උණඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවයි සඳහන් කළේ.

මෙම විශ්‍රාමික සෙබළිය (01) දින පස්වරු 03.00 ට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here