තම කීර්තිනාමයට හානියක් සිදුවුයේ යැයි රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස දන්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ – මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව පවසමින්.

මෙම එන්තරවාසි යොමු කරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසා තිබෙනවා.

එහිදී තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් අමාත්‍යවරයාගේ නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි යවා ඇති එන්තරවාසියේ සඳහන් බවට වාර්තා වනවා.

මිනුවන්ගොඩ දමිත් තිසර

6 COMMENTS

  1. ප්‍රසන්න ඇමතිතිතුමනි ඔබ තුමන්ගේ සේවයට ගම්පහ අපි හැමෝම හදවතින්ම සාක්ෂි දරනවා.. ඔබතුමන් ගැන ඇති ඒ ගෞරවය විශ්වාසය නැති කරන්න මේ රටේ ඉන්න දයාසිරි ලා වගේ පහත් අය උත්සහා කරාට ඒවා පුහු දේවල් විතරයි 😂😂 ඔබට ජය ප්‍රසන්න ඇමතිතුමනි❤️🇱🇰

  2. දයාසිරිලා කොහොමත් ඉතින් අනුන්ගේ කුණු හොයන ඒකනේ කළේ…. දයාසිරිලා ට කඩේ යන අයට දැන් තේරෙනවා ඇති…

  3. මේ වගේ ඉරිසියාකර ජාතියක් ඉන්නකම් රට ගොඩගන්න බෑ.. කුහක නොවී හිටපල්ලා දයාසිරි මෙ වගේ 3rd clz වැඩ නොකර😡😂

  4. හැමදාම මිනිස්සු කරේ ඵල ඇති රුකට ගල් ගහපු එකනෙ.. තම මනුස්සයෙක් ඉස්සරහට යනවා බලගන ඉන්න බැරි දයාසිරි වගේ අය ඒ මිනිස්සුන්ට මඩ ගහන්න හේතුවක් නැත්තම් බොරු හේතු හරි හදාගන්නවා මඩ ගහන්න.. ලැජ්ජයි දයාසිරි😡😡

  5. මේ වගේ දේවල් වලින් තමයි දයාසිරි වැනි පාදඩ දේශපාලකයන් ගැන මිනිස්සු හරිහැටි අවබෝධ කරගන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here