හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපතිධූරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here