වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගයේ කිහිපයක රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
මේ අතර,බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (03) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අමතරව වයඹ පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර අද දිනයේ මීගමුව, ගම්පොල, බිබිල සහ අක්කරපත්තුව ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති.