දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාජ් ඉම්පීරියල් හෝටලයේ ඊයේ(02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.