බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේ දී සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් අ තිබෙනවා.
එම අනතුරින් තවත් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඒ අතර පාසල් සිසුවියක් ද වන බව් සඳහන්.
මත්තෙගොඩ සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
තවද වෑන් රථයේ සිරි වී සිටි පුද්ගලයකු ඉන් මුදවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් සිදු දැරීමට සිදුවී ඇති අතර . වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ කහතුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.