බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 05ක් වන මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා එම වෙළෙඳසැලේ සිට තනිවම නිවසට ගොස් තිබෙනවා.

දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සොයාබැලීමේ දී නිවස පිටුපස වගාබිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දරුවා දියේ ගිලී සිටිය දී ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here