හැටන් නගරයේ බිමට වැටි තිබු ණයකාඩ් පතක් අහුලාගත් පාසල් සිසුවෙකු එම කාඩ්පත භාවිතා කර රු ලක්ෂ 4 ½ පමණ වටිනා භාණ්ඩ මිල දි ගෙන ඇති බව හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

ඉකුත් (01) දින හැටන් නගරයේ වැටි තිබු ණයකාඩ් පත අහුලාගත් සැකකාර සිසුවා හැටන් නගරයේ සුපිරි වෙලදසැලකින් ආහාර මිල දි ගෙන ඇති අතර, මහනුවර ප්‍රදේශයෙන් දුරකථනයට භාවිතා කරන රු ලක්ෂයක් පමණ වටිනා උපාංග කිහිපයක්, කාය වර්ධනය සදහා භාවිතා කරනු ලබන පෝෂපදාර්ථ කිහිපයක් සහ පාවහන් යුවල් කිහිපයක් මිල දි ගෙන ඇත.

බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් ණයකාඩ් පතක් අස්ථානගත වු බවත්, නැති වු කාඩ්පතින් හැටන් සහ මහනුවර නගරයෙන් රු ලක්ෂ 4 ½ ක් පමණ වටිනා භාණ්ඩ කිසියම් පුද්ගලයෙකු විසින් මිල දි ගෙන ඇති බවට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලක් මත අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විමර්ෂණයක් සිදු කර සැකකාර සිසුවා (06) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම භාණ්ඩ මිල දි ගත් එක් ආයතනයකින් සැකකාර සිසුවා මිල දි ගත් දුරකථන උපාංගයක වගකිම් සහතිකය නිකුත් කිරිමට සිසුවාගේ සත්‍ය නම, ලිපිනය සහ දුරකථන අංකය ලබා දි තිබු නිසා සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනිමට හැකි වු බවත්, එම සිසුවා විසින් මිල දි ගත් භාණ්ඩ ඔහුගේ මුහුණු පොතේ සදහන් කර තිබු බව පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපන ලබමින් සිටින අවු 18 හැවිරිදි සැකකාර පාසල් සිසුවා (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා සැකකාර සිසුවා රු ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හැර එම නඩුව යලි මේ මස (18) දින කැදවිමට නියෝග කලේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here