එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය චාම් උත්සවයකින් අද (06)දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
එජාප නියෝජනායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ලේකම් රවී කරුණානායක, භාණ්ඩාගාරික ෆේරෝස්, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, සුනේත්‍රා රණසිංහ හිටපු ඇමතිවරිය සිරිකොත මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.