ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, අද (08) තුන්වැනි දිනටත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 325ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ (07) දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව, 211කි.
ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් දැවී ගියේය.
අනතුරුව පිටිය තුළ ස්ථාවර වූ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව නොදැවී කඩුල්ලේ රැදී සිටින ධනංජය ද සිල්වා ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් ලබා සිටී.