මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉකුත් (06) වන දින පැවති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කල සහකාර තේරිම් භාර නිළධාරි වරයකු විසින් සිය ඡන්දය ලබා දී ජංගම දුරකථනයෙන් එහි ඡායා රූපයක් ලබා ගත් විදුහලපතිවරයකු අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසිය සමත්ව තිබුණි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුදුකුඩිඉරිප්පුව ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (55) හැවිරිදි විදුහල්පතිවරයකු බව කියයි. මොහු මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ ස්ථාපිත කර තිබු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ සහකාර තේරීම් භාර නිළධාරි වරයා වශයෙන් කටයුතු කරමින් සිට ඇති අතර, එහිදී තමන් විසින් දමිළ අපේක්ෂකයකුට සිය මනාපය පලකර එහි ඡායා රූපයක් සිය ජංගම දුරකථනය ආධාරයෙන් ලබා ගැනීමට යාමේදී සහතික කිරීමේ නිළධාරි වරයා දැක පසුව මැකිවරණ නිළධාරින්ට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරින් පැමිණ විමර්ශණයක් ආරම්භ කර පසුව වැඩිදුර පරික්ෂණ සදහා මුලතිව් පොලිස් ස්ථානය වෙත මෙලෙස භාර දීමට කටයුතු කර තිබූ බවයි පරික්ෂණ පවත්වන මුලතිව් පොලිසිය සදහන් කරන්නේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ විදුහල්පති වරයාගෙන් පොලිසිය කල දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ තමන් සිය ඡන්දය එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සදහා භාවිතා කල බව සනාථ කිරීම පිණිස ජංගම දුරකථනයෙන් මෙසේ ඡායා රූපයක් ලබා ගත් බවයි.
පසුව මුලතිව් පොලිසිය විසින් අදාළ විදුහල්පති වරයාව පොලිස් ඇපයක් මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර, (09) වන දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.එන්.ඒ. අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර ඇතුළු නිළධාරින් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)