රටේ තීරණාත්මක මැතිවරණයක් අවස්ථාවේ තමන්ගේ හිල් වුනු යට ඇඳුම් ගැන වේදිකාවේ බෙරිහන් දෙමින් විහිළු සපයන ජාතික ජන බලවේග නායකයන් සඳහා අවශ්‍ය යට ඇඳුම් සියල්ල නොමිලේ ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති අපේක්ෂක මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.                                  

මහනුවරදී 08 දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල ඒ මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට කිසිදු දිනක  මෙරට ජනාධිපති විය නොහැකි බවත් වැරදීමකින් හෝ ජනාධිපති වුවහොත් කෙටි කලක් හෝ  කිසිසේත්ම රට පවත්වාගෙන යාමට නොහැකි බවත්ය.                                                                                                                              

තවදුරටත් අදහස් පල කළේ මහතා මෙසේද කීය. බොහෝ ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ වත්කම් නිසියාකාරව පෙන්නලා නෑ. නමුත් මම මගේ සියළු වත්කම් හෙළි කරලා තියෙනවා. මැතිවරණ සඳහා රුපියල් බිලියන 40, 50 වියදම් කරන පක්ෂවල නායකයෝ කියනවා එයාට තියෙන්නෙ ඉන්න ගේ විතරයි කියලා. මේ අය එක ජන හමුවකට රුපියල් ලක්ෂ 30 ක් වියදම් කරනවා. මේ අයට මේ සල්ලි කොහෙන්ද කියලා හොයන්න ඕනේ. ලෝකෙ වටේ ගිහිල්ල රුපියල් බිලියන ගණන් හිඟා කාගෙන ආවත් මේ තරම් මුදලක් වියදම් කරන්න බෑ.                                                 

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන  නායකයෝ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දය මංකොල්ල කෑම සඳහා තරඟෙට විවිධ පොරොන්දු දුන්නා. මේවා ඉටුකරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ බංකොලොත් වුනු රටේ මේ තරම් මුදලක් රාජ්‍ය සේවකයන් සඳහා වෙන් කරන්න පුළුවන්ද. රාජ්‍ය සේවකයන්ට සුරංගනා කතා කියලා කැරට් අල පෙන්නලා තැපැල් ඡන්ද කඩා වඩා ගැනීම තමයි මේ අයගේ එකම අරමුණ වුණේ. වසර 74 ක තට්ටු මාරු දේශපාලනයෙන් මේ රට නැත්තටම නැති වුණා. බංකොලොත් රටක් වුණා. මේ තත්ත්වය මත රටේ ජනතාව තවමත් තීන්දුවක් අරගෙන නෑ. ජනාධිපති කරන්නේ කවුද කියලා. මේ රට ගොඩ ගැනීමට නම් ඡන්දය ලබා දිය යුතු හොඳම අපේක්ෂකයා තමයි මම. මට මේ රට ගොඩනැගීම සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තියෙනවා. මම ජනාධිපති වුණොත් ප්‍රථමයෙන් කරන දේ තමයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20 ක මිළ සියයට හතළිහකින් අඩු කරන එක. ඔය හාල්, සීනි, කරවල, පිටි, කිරිපිටි වගේ දේ. ඒ වගේම ජල හා විදුලි බිල සියයට තිහකින් අඩු කරනවා. ගෑස් මිල රුපියල් 2500 කරනවා. ඒවගේම ඉන්ධන මිල රුපියල් 150 ට අඩු කරනවා. ඒ දේවල් කරන්න පුළුවන්. මේ රාජ්ය ආයතන බිලියන ගණන් ලාභ ලබමින් ජනතාව ගසා කනවා. ජනතාව හූරගෙන කනවා.                                                                                                                                             

දැන් ඔය සමහර අය කියනවා ඡන්දෙ දාන්න පිටරටවල් වල ඉඳලා ලක්ෂ 15 ක් රට විරුවෝ එනවා කියලා. ඕවා තමයි හොඳම විහිලු. ඒ අය එනවා නෙවෙයි. රටේ ඉන්න බැරුව තරුණ කණ්ඩායම් රටින් යන්නයි බලන්නේ. පේනවා නේද විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න පෝළිම. මේ කිසිම නායකයෙකුට ණය ගන්නවා ඇරෙන්න රට හදන්න කිසිම සැලැස්මක් නෑ. මේ රට ගොඩගන්න පුළුවන් එකම පුද්ගලයා මමයි.

1 COMMENT

  1. Hi there! Do you know if they make any plugins
    to help with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Appreciate it! You can read similar art here:
    Eco wool

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here