නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාර යටිතල පහසුකම් නගර සංවර්ධන සෞඛ්‍ය ක්‍රීඩා හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර සියල්ල නියෝජනය වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය වෙනුවෙන් එළඹෙන 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පොරොන්දු වන බව ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේදී පැවසීය .
ඔහු ඒ බව කියා සිටියේ නුවරඑළිය ව්‍යාපාරික එකමුතුවේ සභාපති ඩී.අජිත් කුමාර මහතාගේ ආරාධනයෙන් (08) සවස නුවරඑළිය නගරයේදී පැවැති ව්‍යාපාරික හමුවේදී ව්‍යාපාරික එකමුතුව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලියට පිළිතුරු ලබා දෙමිනි ,
වැඩිදුර අදහස් ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
නුවරඑළිය කියන්නේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් සුවිශේෂී නගරයක්.නුවරඑළිය නගරයේ සංවර්ධනයට ලක් විය යුතු ස්ථාන හා ක්ෂේත්‍ර රැසක් තිබෙනවා ඒ අතුරින් සුවිශේෂී වන්නේ සංචාරක ආකර්ෂණය දුවා දරුවන්ගේ අධ්‍යාපනය හා ක්‍රීඩාව නංවාලීම මෙන්ම සුහුරු අධ්‍යාපන ක්‍රමයක්. ඒ වගේම තමයි සුහුරු කෘෂිකර්මාන්තයක් සහ ගොවියා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක්.ඒත් එක්කම සෞඛ්‍ය ආර්ථිකය ජීවනෝපාය ඇතුළු අනිකුත් සියලුම ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම හා තාවකාලික ඉඩම්වල අයිතිය වෙනුවට ස්ථීර අයිතිය ලබා දීම යන කරුණු කඩිනමින් කළ යුතු කාරණාවක්.නුවරඑළියට පැමිණ ව්‍යාපාරිකයන්ගේ අදහස් විමසීමේදී දැනුනු දෙයක් තමයි මේ හැම දෙයක්ම කඩිනමින් සංවර්ධනය කිරීම හා අවශ්‍ය සැලසුම් යෙදීම ඉතාම ත්‍යවශ්‍ය කරුණක්.
ඒ වෙනුවෙන් එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලැබුණු දිනෙන් පසු දිනම නුවරඑළිය සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙස නව විශේෂ කාර්‍ය සාධක බලකායක් පිහිටුවා ඒ ඔස්සේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව එතැම පැවසීය.
මෙම ව්‍යාපාරික හමුව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් නුවරඑළිය සමගි ජන බලවේගයේ සම ආසන සංවිධායකවරුන් වන දිනේෂ් ලංකා ගීගනගේ , අශෝක සේපාල නුවරඑළිය මහ නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ හිටපු නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු වෙළඳ ව්‍යාපාර හිමියන් , සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරිකයන් , කුඩා ව්‍යාපාර හිමියන් , ස්වයං රැකියා නියුක්තිකය්න ඇතුළු ව්‍යාපාරිකයන් දහසකට අසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)