ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇති බවයි

මෙම ගල් ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසනවා.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙක්.

මෙම ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්තර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබු බව පැවසෙනවා.

සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ නොතිබු අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවාගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණි බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here