ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.

එම අධිකාරිය පැවසුවේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවයි.

එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සියලුම දෙමව්පියන්ට,භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here