බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් 2024.09.12 වන දින විදෙස් රටක ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු පදිංචිව සිටින වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී නිලධාරීන්ට බලපත්‍ර නොමැතිව එම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටි බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් 02 ක් සහ මිලි මීටර 08 බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල අවියක් , බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 104 ක්, මිලි මීටර 08 පුහුණු උණ්ඩ 131 සොයාගැනීමට හැකිවී ඇති අතර ඒ් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන් එක් බෝර 12 ගිනි අවියක් සහ පිස්තෝල අවිය විදෙස් රටක නිෂ්පාදන අවි වන අතර අනෙක් බෝර 12 අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියකි.

වයස අවුරුදු 49 ක් වන අදාල සැකකරු සහ නඩු භාණ්ඩ 2024.09.13 වන දින දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here