සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ

එම ගැසට් නිවේදනය අනුව දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සඳහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතු වේ.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සඳහා මෙම අමතර ගෙවීම කළ යුතු වේ.

ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාවය අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකිවේ.

මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සඳහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යයි.

මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here