දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එය ලබන වසරේ සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව එම ගුරුවරුන් සඳහා ‌මේ දක්වා ලබා දුන් නිල ඇඳුම් ලබා නොදෙන බව ද සඳහන්.

ඒ වෙනුවට රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් හිමි වනු ඇති.

ඒ අනුව, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික දහම් පාසල් ගුරුභවතුන් හට වාර්ෂික රුපියල් 7,500ක දීමනාවක ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here