යාපනයේ – ඌකාවතුරේ හන්දිය අසලදී පොලිස් නිලධාරියෙකු ගමන් කළ යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී විසිවී ගොස් බැකෝ යන්ත්‍රයක ගැටීම නිසා පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, තෙලිප්පලෙයි පොලිසියේ සේවය කළ පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචි එස්.කන්නසාන් නැමති පොලිස් නිලධාරීවරයෙක්.

මියගිය පොලිස් නිලධාරියා සිය යතුරු පැදියෙන් අරාලි හන්දිය දෙසට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී තිබෙනවා.

මේ යතුරු පැදි දෙක ගැටීමෙන් පසුව පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් පාරේ ගමන් කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක ගැටීමෙන් පසුව ඊට යට වී පොලිස් නිලධාරියා මියගොස් තිබෙනවා.

අනෙක් යතුරු පැදිකරුද මේ අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා ඌකාවතුරේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඌකා වතුරේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් බැකෝ යන්ත්‍රයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here