වසර 11ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මෙසේ පලාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන බොරැල්ල – බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි රැදිවියකු බවයි.

පලාගිය රැදවියා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයේ යොදවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම රැදවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වසර 11 ක් සහ මාසයක් එම සිරකඳවුරේ රදවා සිටි අයකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here