දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන දෙහිවල සරණංකර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාළ ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here