නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුණා.

අද තරගය ආරම්භයේදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන ප්‍රබල ස්ථානයක පසුවූ නවසීලන්ත ඉනිම ලකුණු 85ක් ඇතුළත ඉතිරි සියලු කඩුලු දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වීම විශේෂත්වයක්.

නවසීලන්තය වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක් හා ඩැරිල් මිචෙල් ලකුණු 57ක් රැස්කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 136කට කඩුලු 04ක් දවාගත්තා.

ඒ අනුව නවසීලන්තයට වඩා ලකුණු 35ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here