විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම්කර තිබෙනවා.
මෙවර කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 03 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 23 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
අද 20 නම්කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය පහතින්.
ශ්‍රී ලංකා සංචිතය,
චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි
අතිරේක – කෞෂිනි නුත්‍යාංගනා