ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිව නතර කිරීමට පියවර අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සැප්තැම්බර් මස 15 වනදා මෙවර 05 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්විණි.

අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකළා.

ඒ මූලික පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර ඒ හරහා ද පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here