කොළඹ පුත්තලම මාර්ගයේ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසල දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රීරෝදරියෙහි ගමන්ගත් වයස අවුරුදු 67 කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව කටුනායක පොලිස් ස්ථානයේ රථවාහන අංශය ස්ථානාධිපති අප කළ විමසීමකදී පැවසුවා.

අද දින (20) අලුයම 03.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

ත්‍රී රෝද රථය කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කරන මාර්ගයේ පැමිණ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසලින් මිනුවන්ගොඩ දෙසට හැරවීමේදී මීගමුව දෙස සිට කොළඹ දෙස ගමන් ගත් ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථය හතර දෙනෙකු ගමන් කර ඇති අතර එහි සිටි මෙම කාන්තාව න් ජීවිතක්ෂයට පත්ව ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here