ආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ක්‍රියාත්මක බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ, මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ය.

ඒ අනුව , ජනාධිපතිවරණය ආරම්භයේ සිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වන තෙක් යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ඒ පිළිබඳ අදාළ ඒකකයට දැනුම් දීමට හැකියාව ඇත.

ඒ අනුව , 117 දුරකතන අංකය අමතා අදාළ තොරතුරු ලබාදිය හැකි වේ.

ඊට අමතරව,

0113 66 80 32 / 0113 66 80 87 / 0113 66 80 25 / 0113 66 80 26 සහ 0113 66 81 19 යන දුරකතන අංක ඔස්සේ ආපදා මෙහෙයුම් ඒකකයට තොරතුරු ලබාදිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here