ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (21) පෙරවරු 8ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔබ වෙනුවෙන් දියුණු රටක් තේමා පාඨයෙනි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මියද එක්ව සිටියහ.


