ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු ඉතාමත් හොඳින් මේ වන විට ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව අද (21) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂක යටයුතු සඳහා යොදවා ඇති බවයි.

කවුරුන් ජයග්‍රහණය කළද සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කිසිඳු ප්‍රචණ්ඩත්වයකට ඉඩ නොතබන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here