ස්වාධින ජනාධිපති අපෙක්ෂක මයිල්වාගනම් තිලකරාජ් මහතා ජනාධිපතිවරණයේදි සිය ජන්දය (21) දින තලවකැලේ මඩකුඹුර දමිල මහා විද්‍යාලයේ ස්ථාපනය කර ඇති ජන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථානය වෙත පැමිණි නමුත් සිය ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටිහ.

මෙහිදි එම්.තිලකරාජ් මහතා කියා සිටියේ ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රි ලංකාවේ සුළු ජාතින් වහලුන් හැටියට ජිවත් වන බවත්, එම ජනතාව එවැනි තත්ත්වයකට පත් කලේ රටේ පාලකයින් නිසා තමන් ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටි බවයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here