ඊයේ රාත්රියේ පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල නෙළුව ප්රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ නෙළුව දෙල්ලව මාර්ගයේ හප්පිටිය ප්රදේශය ජලයෙන් යටවීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බවයි.
මේ අතර හප්පිටිය ප්රදේශයේ පහත්බිම් කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
එසේම බුත්තල නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ නගරය ජලයෙන් යටවූ බව අප වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් වැල්ලවාය මොණරාගල,බුත්තල බඩල්කුඹුර සහ කතරගම දෙසට ගමන්කරන රථවාහනවලට බාධා ඇතිවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.