මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇති බැව් සඳහන්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය මහත් ආන්දෝලනයට ලක් වූ අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශන අනුව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here