ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදිකරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගණේමුල්ල පොලීසිය පවසනවා.
මියගොස් ඇත්තේ වදුරව ප්‍රදේශයේ පදිංචි සිටි 42 හැවිරිදි අයෙක්.
යතුරුපැදියේ ගමන් කරමින් සිටිය දී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා අපරාධය සිදුකිරීමෙන් පසු පළාගොස් ඔහු ද ගෙල කපාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා
තුවාල ලබා ඇති යතුරු පැදිය පදවාගෙන ගිය තැනැත්තා 1990 ගිලන් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් එහිදී ශල්‍යාකර්මයට භාජනය කොට ඇති බව පොලිසිය සඳහන් කළා.