හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද(30) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ය.
දැනට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිතව තිබේ.
ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පොලිස් ආරක්ෂාව ද මේ වනවිට ඉවත් කර තිබේ.