වතු­ගෙ­දර, ආඳා­දොළ දුම්රිය ස්ථානය අසල ප්‍රදේ­ශයේ ගයාන් ඉන්දුල මහ­තාගේ නිවෙසේ මේ රෝස පැහැති නයි පැටවා සිටි අයුරු මිදුලේ සෙල්ලම් කර­මින් සිටි දරු­වකු දැක ඇත.

පසුව මේ බව වැඩි­හි­ටි­යන්ට දන්වා ප්‍රදේ­ශයේ පරි­ස­ර­වේ­දි­යකු වූ ජැක්සන් වීර­කො­ණ්ඩ­ආ­රච්චි මහතා දැනු­ම්වත් කර ඔහු පැමිණ මේ නයි පැටවා අල්ලා­ගෙන ඇත. සර්ප­යාගේ සිරුර සම්පූ­ර්ණ­යෙන්ම රෝස වර්ණ­යෙන් යුක්ත වූ අතර, අඟල් 18ක් පමණ දිගින් ද යුක්තය.

මේ සම්බ­න්ධව දෙහි­වල සත්වෝ­ද්‍යා­නය දැනු­ම්වත් කිරී­මෙන් අන­තු­රුව ඔවුන් පැමිණ රෝස නයි පැටවා එහි රැගෙන යන ලදී.

මෙම සත්ත්වයා රැගෙන යෑමට පැමිණි දෙහි­වල ජාතික සත්වෝ­ද්‍යා­නයේ මින් මැඳුර සහ උරග අංශය භාර නිල­ධාරී කේ. ඒ. නලින්ද ජය­ලත් මහතා මෙලෙස පැව­සු­වේය.

“මෙය ජාන විකෘ­ති­තා­වක් හේතු­වෙන් නිලීන සත්ත්ව­යකු බිහිවී තිබෙ­නවා. මේ සර්පයා අනෙ­කුත් නාග­යන් මෙන් ජීව­ත්වෙ­නවා. නමුත් මේ වර්ණ ස්වභා­වය අනුව මේ සර්ප­යාට ජීව­ත්වී­මට නොහැ­කියි. එයට හේතුව වන්නේ මේ වර්ණය නිසා මුග­ටීන්ගේ සහ කබ­ර­යන්ගේ ගොදු­රක් බවට පත්වී­මට බොහෝ විට ඉඩ තිබෙ­නවා. දහ දාහ­කට එක් සර්ප­යෙක් මෙසේ ජාන වෙනස් වීමට ලක්වෙ­නවා.”

(උපුටා ගැනීම – දිනමිණ වෙබ් අඩවිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here