ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරයේ සිව්පොලක් පිළිස්සූ බව කියන මවක් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් ඇයව ඔක්තෝම්බර් මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
දැරියගේ ශරීරයේ දක්නට ලැබෙන පිළිස්සුම් තුවාල අඟල් දෙකක පමණ විශාලත්වයකින් යුත් බවද ඊට අමතරව දැරියගේ ශරීරය පුරා තුවාල කැලැල් විශාල සංඛ්‍යාවක් තිබූ බවද පොලීසිය පවසයි.
දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වී මෙම මව දරුවාව පුළුස්සා තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඈත.
පිළිස්සුම් තුවාල ලද දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
රත් කළ තෙල් ශරීරයට විසිවී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී තිබෙන බව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් දරුවාගේ පියා පොලීසියට පවසා ඇත.
දියණිය පිළිස්සු බිරිඳ වෙනුවෙන් සැමියා නිතීඥයින් දෙදෙනෙකු මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි. සැකකාර කාන්තාව මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහ,කාන්තා පොලිස් සැරයන් 1566 මැණිකේ හපුආරච්චි යන මහත්මියන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
(කමල් සුරවීර – මහනුවර )