අනුර කුමාර දිසානායක ජනපති වීමත් සමඟ අමාත්‍යාංශ 17ක් සඳහා ඉකුත් අඟහරුවාදා නව ලේකම්වරු පත් කළ අතර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයට යළි පත් කෙරුණේ, පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්නයි.

කෙසේ වෙතත්, ප්‍රදීප් යසරත්න ධුරයෙන් ඉවත්වන බව, පසුගිය සිකුරාදා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

යසරත්න මහතාට ඉවත්වීමට බලපෑ හේතුව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here