අද (30) රාත්‍රි 8.15ට පමණ හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි බස්හිමිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here