කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුවක විභාගය ලබන නොවැම්බර් 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ ඔහුගේ ජංගම දුරකතන බිල්පත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවු බව කියන සිද්ධියට අදාළවයි.
නඩු විභාගය අද දිනයේ කැඳවූ අවස්ථාවේදීයි කොළඹ මහාධිකරණ විනිසුරු සූජිව නිශ්ශංක මහතා මෙ නියෝගය සිදුකර ඇත්තේ.
රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිය දී පෞද්ගලික ජංගම දුරකතන බිල මෙසේ ගෙවා ඇති බවට අල්ලස් කොමිසම මගින් නඩුව ගොනුකර තිබෙනවා.
මේ අනුව රුපියල් දෙලක්ෂ හතලිස්දහසකට ආසන්න මුදලක් මුද්‍රණ නීතිගත සංස්ථාව දුරකතන බිල්පත් ලෙස ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.