හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here