ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඉහළ පෙළේ සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හෙට(04) මෙරටට පැමිණීමට නියමිත බවයි ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ.
එක් දින නිල සංචාරයක් වන මෙම සංචාරය අතරතුර ආචාර්ය ජයිශංකර් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක හා ඉදිරි ඉන්දීය ව්‍යාපෘති මෙන්ම කලාපීය සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා.
සමුද්‍රීය ආරක්‍ෂාව හා ආර්ථික සහයෝගීතාව ඇතුළු උපායමාර්ගික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ අවධානය යොමු කිරීමට නියමිතයි.
සාම්ප්‍රදායිකව අලුතින් තේරී පත් වූ ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් ඔහුගේ පළමු නිල සංචාරය සිදු කරන්නේ ඉන්දියාවටයි.
එහෙත් මෙවර එය වෙනස් වී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයිශංකර් මෙරට පැමිණීම විශේෂත්වයක්.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරණයට පෙර ද නවදිල්ලියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.